කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල්ගේ වැඩ තහනම්

රුසියානු ගුවන් යානයේ සිද්ධියට කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල්ගේ වැඩ තහනම්

by Staff writer 07-06-2022 | 9:32 PM
COLOMBO (News 1st) - කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ, රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් A 330 ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිද්ධියට අදාළ කොළඹ වාණිජ මහාධිකරණය මගින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදවා ගෙන ඇති බවට චෝදනාවට ලක්ව සිටීම හේතුවෙනි. මේ අතර එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ ,පසුගිය 02 වැනිදායි. අදාළ වාරණ නියෝගය ඊයේ (06) අත්හිටුවීමෙන් පසු පස්වරුවේ යානය රුසියාවේ මොස්කව් බලා පිටත්ව ගියේ ය.