by Staff Writer . 07-06-2022 | 3:57 PM
COLOMBO (News 1st) –පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, ඔවුන් අද වලස්මුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔවුන් හෙට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අධිවේගී මාර්ග පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය වීරකැටිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණ.
සැකකරුවන් ඊයේ රාත්‍රියේ වීරකැටිය පොලිසියට පැමිණ භාරවී ඇති අතර එහිදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.