by Staff Writer . 07-06-2022 | 3:29 PM
COLOMBO (News 1st) – එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවීමෙන් පසු ඊයේ පස්වරුවේ අදාළ යානය රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගියේ ය.
රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය 02 වැනිදායි.
ශ්‍රී ලංකා බලධාරීන් එරොෆ්ලොට් ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව ශ්‍රී ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යංශයට කැඳවා සිය අප්‍රසාදය පළ කර තිබිණ.