ශාරුක් හා කත්‍රිනාට කොරෝනා..

ශාරුක් හා කත්‍රිනාට කොරෝනා..

by Chathurika Jayasundara 06-06-2022 | 11:42 AM

COLOMBO (NEWS1ST) :  සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියෙක් වන ෂාරුක් ඛාන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර , කත්‍රිනා කයිෆ්ට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර, මේ නිසා ඇයට මෙවර International Indian Film Academy Awards 2022 උළෙලට ද සහභාගී වීමට නොහැකි වනු ඇති. කොවිඩ් 19 වෛරසය ආසාදිත ෂාරුක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බටහිර බෙංගාලයේ මහ ඇමති Mamata Banerjee ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ .. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් වෛරසය පැතිරීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබුණු අතර මෑත කාලයේ බොලිවුඩ් නළුවන් කිහිපදෙනෙක් කොවිඩ් වෛරසයට ගොඳුරු වූහ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඊයේ කොවිඩ් -19 රෝගීන් 1,400 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මුව ආවරණ පැළඳ සිටින ලෙසත්, COVID-19 බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසත් මහාරාෂ්ට්‍ර අමාත්‍ය Aaditya Thackeray ජනතාවගෙන් ඉල්ලා සිටී.