ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට

ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

by Staff writer 06-06-2022 | 6:55 AM

COLOMBO (News 1st) –විදුලි බිල වැඩිකිරීම පිළිබඳ යෝජනාව අද(06) කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බවයි.