රුසියානු එරෝෆ්ලොට් යානය පිටත් කර හැරීමට පියවර

රුසියානු එරෝෆ්ලොට් යානය පිටත් කර හැරීමට පියවර

by Staff Writer . 06-06-2022 | 4:17 PM

COLOMBO (NEWS1ST) : රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය (SU289) අද (06) සවස 06.00 ට පෙර මොස්කව් බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

ඒ, රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කළ වාරණය කොළඹ වාණිජ මහාධිකරණය අත්හිටුවීමට නියෝග කිරීමත් සමගයි. වාරණ නියෝගය අත්හිටුවනු ලැබුවේ, නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.