ජනපති විශේෂ පොහොට්ටු රැස්වීමක් කැඳවයි

ජනපති පොහොට්ටුවේ විශේෂ රැස්වීමක් කැඳවයි

by Staff Writer . 06-06-2022 | 4:39 PM

COLOMBO (NEWS1ST) :  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ, කැබිනට් මණ්ඩල හමුවෙන් පසු අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇති.