බංග්ලාදේශයේ ගින්නකින් 35ක් මරුට

බංග්ලාදේශයේ බහාලුම් ගබඩාවක ගින්නකින් 35ක් මරුට: 450කට තුවාල..

by Staff Writer . 05-06-2022 | 1:45 PM

COLOMBO (News 1st) - බංග්ලාදේශයේ චිතගොං නුවර බහාලුම් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබේ.

ගින්නත් සමග අදාළ ගබඩාවේ දැවැන්ත පිපිරීමක් ද සිදුව තිබේ. ගින්න හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 450කි. බහාලුම්වල පැවති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පල කරයි.