පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 5ක් මරුට..

පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 5ක් මරුට..

by Staff Writer . 05-06-2022 | 7:03 PM

COLOMBO (News 1st) – අද (05 )උදෑසන 8.30 න් අවසන් වූ 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලැබුවේ ය.

අනතුරු සිදුව ඇත්තේ වවුනියාව, යාපනය, කවරක්කුලම, රත්නපුර සහ කුලියාපිටිය පොලිස්බල ප්‍රදේශවලයි. වව්නියාව - යාපනය මාර්ගයේ තණ්ඩිකුලම් ප්‍රදේශයේදී ලොරි රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් 26 හැවිරිදි යතුරුපැදිකරු මිය ගියේ ය. පොලීසිය පැවසුවේ, කුලියපිටිය, දණ්ඩගමුවේදී ද යතුරු පැදියක් ලොරි රථයක් ඉස්සරකර යාමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් පසු පැදිකාරිය තුවාල ලබා කුලියපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවය. කවරක්කුලම, ගල්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් නවතා තිබූ බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයකු මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලැබුවේ ය. රත්නපුරයේදී සහ කුලියාපිටිය ප්‍රදේශවලදී සිදුවු රිය අනතුරුවලින් දෙදෙනෙකු මියගොස් තිබේ.