චමරි අතපත්තුගෙන් විශිෂ්ට ශතකයක්

චමරි අතපත්තුගෙන් විශිෂ්ට ශතකයක්

by Staff Writer . 05-06-2022 | 2:04 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සත්කාරක පකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය කරච්චිහිදී පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 4කදී බිඳ වැටුණි. ශ්‍රී ලංකා නායිකා, චමරි අතපත්තු අද(05) සිය එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. හතරේ පහර 13කින් සහ එක් 6 පහරකින් ඇයගේ ශතකය වර්ණවත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තේය.