COLOMBO (News 1st) - රටේ සංවර්ධනය ඇති කළ යුතු ආකාරය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද අදහස් පළ කළේය.
එහිදී රට පත්ව ඇති තත්ත්වයෙන් මිදීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන මෙන්ම, දිගු කාලීනව ද ඇති එකම විසඳුම වන්නේ නිෂ්පාදනයට පිවිසීම බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව විදේශ ප්‍රේෂණ ලංකාවට එන ආකාරයෙන් සැලසුම් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ, විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,
අපි හැමෝම එකතු වෙලා රටේ සංවර්ධනය කරා වැඩ කරන්න ඕන. රට සංවර්ධනය කිරීමේ සැලැස්මේ කොටසක් ප්‍රතිව්‍යුහගත කිරීමට උදව් කරන්න ඕන. රට පත්ව ඇති තත්ත්වයෙන් මිදීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන මෙන්ම, දිගු කාලීනව ද ඇති එකම විසඳුම වන්නේ නිෂ්පාදනයට පිවිසීමයි. සංචාරක ව්‍යාපාරය සඳහා ඔබට හැකි පමණින් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්න. ඒ වගේම අපේ විදේශ ප්‍රේෂණ ලංකාවට එන විදිහට සැලසුම් සකස් කරන්න. අපිට විවිධ සටන් පාඨ කියන්න පුළුවන්. නමුත් ඒ කිසිවක් අපේ රටේ ආර්ථික ස්ථාවරත්වයට උපකාරී වන්නේ නැහැ. අපි මේ සඳහා ක්‍රියා කළ යුතුයි. ඉදිරියට ඇති එකම මග, ප්‍රගතිශීලි සංවාදයක් ඇතිකරගෙන, අවබෝධයකට පැමිණ, මැතිවරණයක් එන විට ජනතාවට තීරණය කිරීමට ඉඩ හැරීම