මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීමට සැකපිට 26ක් කොටු

මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහර දුන් සැකකරුවන් 26ක් අත්අඩංගුවට ගනිද්දී අනෙක් ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියාවලට 2,393ක් අත්අඩංගුවට

by Staff writer 04-06-2022 | 9:29 PM

COLOMBO (News 1st) - පසුගිය 9 වැනි දා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 2,393 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පුද්ගලයින් 1,055 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය. මේ අතර මැයි මස 09 වැනි දා මයිනාගෝගම හා ගෝඨාගෝගම ජන අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 26කි. මේ අතර "ලාංකික එකමුතුවෙන් 74 ක දූෂිත දේශපාලනය අවසන් කරමු'' යන මැයෙන්, අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත් විය. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයයි. පසුව එම ස්ථානයේදීම මහජන පෙත්සම් සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ද පැවැත්විය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ මහතා, මුන් හැමදාම කරේ රටේ ජනතාවගේ මුදල් කොල්ලකාපු එක, හොරකම් කරපු එක්‍. අන්න එහෙම කරපු හොරු හැත්තම ගෙදර යන්න කියලා කියද්දිත් මේ වෙලාවේ තමන්ගේ පුටු ටික රැකගෙන ඉන්නවා. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කරන්න පහුගිය කාලේ ආවා පිල්ලියක් රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා පම්පෝරි ගැහුවා. හැබැයි ඇවිල්ලා කරපු එක තමයි අර තියෙන දූපතත් විකුණපු එක. දූපතත් විකුණනවා. එතනින් එහාට ගිහිල්ලා තෙල් මිල වැඩි කරා රුපියල් 82කින් තෙල් වැඩි කරලා, පාන් රුපියල් 30කින් වැඩි කරලා දැන් මිනිස්සුන්ට පාන් කියාගන්න බැරි තරමටම මේ මිනිසුන්ගේ ජීවිතය ඇදලා දාලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂලට අපි කියනවා දැන් උඹලගෙ කාලෙ ඉවරයි. ගෙදර යන්න තමයි තියෙන්නේ. එහෙම ගෙදර යන්න බැරිනම් අපි යවලා පෙන්නන්නම් මේ රටේ ජනතාවත් එක්ක
කොටුව දුම්රිස්ථානයට අසළ රැස්වූවන් සඳහා සංගීතමය විශ්ෂාංග ද ඉදිරිපත් කළේ වත්මන් පාලනයට විරෝධය පළ කරමිනි.