නව පාසල් වාරය සඳුදා ඇරඹෙයි..

නව පාසල් වාරය සඳුදා ඇරඹෙයි..

by Staff writer 04-06-2022 | 11:38 AM

COLOMBO (News 1st) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අනිද්දා (06) ආරම්භ වනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව හෙටින් (05) අවසන් බවය. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 17 වැනි දා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 17 වැනි දා සිට 26 වැනි දා තෙක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවය. ඒ, මධ්‍යස්ථාන 106 කදීය. දෙවන අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 30 වැනි දා සිට ජූලි මස 09 වැනි දා තෙක් මධ්‍යස්ථාන 25කදී පැවැත්වෙනු ඇති. පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා පරීක්ෂකවරුන් 40,000ක් පමණ සහභාගී වීමට නියමිත බව සඳහන් වේ. මේ අතර 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස අගදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේ, පැවැත්වීමට නියමිත ප්‍රයෝගික පරීක්ෂණ අවසන් වූ පසු ප්‍රතිඵල නිකුත් කර බවයි. ඒ අනුව ලබන 10 වැනි දා ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වනු ඇති. ලබන 17 වැනි දා ජෛව පද්ධති තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වන බව අතර ලබන 29 වැනි දා ගෘහ ආර්ථික විද්‍යා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.