ජූනි 6 සිට 12 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ජූනි 6 සිට 12 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

by Staff writer 04-06-2022 | 5:35 PM

COLOMBO (News 1st) - ජූනි 6 වැනි දා සිට 12 වැනි දා දක්වා දෛනික විදුලි කප්පාදුවට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

ඒ අනුව, ජුනි 6 වැනි දා සිට 10 වැනි දා දක්වා දිනකට පැය 2 විනාඩි 15 යි විදුලි කප්පාදුව සිදු කරනු ඇත. ජුනි 11 වැනි දා සහ 12 වැනි දා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 1 ක කාලයක් පමණි. මේ අතර හෙට (05) දිනයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.