by Staff writer 04-06-2022 | 1:07 PM
COLOMBO (News 1st) – චීන රජය පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ තොගයේ පළමු කොටස ඊයේ(03) රාත්‍රියේ ගුවන් යානයකින් මෙරටට රැගෙනවිත් තිබේ.
ඊට අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළත් ය.
මෙම ඖෂධ තොගය චීන රජය මෙන්ම එරට විවිධ බෞද්ධ සංවිධාන ඇතුළු නොයෙකුත් ප්‍රජා සංවිධාන විසින් පරිත්‍යාග කර තිබේ.
චීන රජයෙන් ලබාදෙන මෙම ඖෂධ තොගයේ තවත් අදියරක් මේ මාසය තුළ මෙරටට ලැබීමට නියමිත අතර එහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 28 කට අධිකයි.
අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක විදෙස් ආධාර ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා තවත් රටවලින් එලෙස විදෙස් ආධාර ලැබී ඇති බවයි.