by Staff writer 04-06-2022 | 9:34 PM
COLOMBO (News 1st) - අහංගම, පංචාලිය ප්‍රදේශයේ අද (04) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, මියගිය පුද්ගලයා දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි.
ඔහුගේ වයස අවුරුදු 27 කි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්ක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවි ඇති බවට සැක පළ කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අංහගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.