අමෙරිකාව හා ද. කොරියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

අමෙරිකාව හා දකුණු කොරියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

by Staff writer 04-06-2022 | 5:26 PM

News 1st - දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා අතර තුන්දින ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පවත්වා තිබේ.

ඒ, ජපානයේ ඔකිනාවා දූපතට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදීය. ගුවන් යානා ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් එහිදී පවත්වා ඇත. අමෙරිකාව සහ දකුණු කොරියාව එම යුද අභ්‍යාසයේ නිරත වී ඇත්තේ, උතුරු කොරියාව අඛණ්ඩව සිදු කරන මිසයිල අත්හදා බැලීම් මධ්‍යයේයී. උතුරු කොරියාවේ ක්‍රියාකලාපයට එරෙහිව එක්ව කටයුතු කිරීමට දෙරටේ ජනාධිපතිවරුන් පසුගිය දා එකඟතාවකට පැමිණ ඇත.