අපනයන සීමා කිරීමේ කිසිදු සැලැස්මක් නෑ

අපනයන සීමා කිරීමේ කිසිදු සැලැස්මක් නෑ - ඉන්දීය වාණිජ හා කර්මාන්ත ඇමති

by Staff writer 04-06-2022 | 1:21 PM

COLOMBO (News 1st) – සිය අපනයන සීමා කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව ඉන්දියාව පවසයි.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත, පාරිභෝගික කටයුතු සහ ආහාර සහ පොදු බෙදාහැරීම් පිළිබඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නවදිල්ලිය තිරිඟු පිටි අපනයනය අත්හිටුවා සතියකට පසුවයි. ඉන්දියාව මේ වසරේ ආහාර ද්‍රව්‍ය ටොන් මිලියන 10ක් අපනයනය කර ඇති අතර මැයි 14 වැනිදා සිට තිරිගු අපනයනය තහනම් කිරීමට පියවර ගැනිණි.