ළමා රෝහලේ ආහාර වේලත් නවතියි ද?

ළමා රෝහලේ ආහාර වේලත් නවතියි ද?

by Staff writer 03-06-2022 | 7:20 PM

COLOMBO (News 1st) - දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර සපයන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසික රෝගීන්ට ආහාර ලබා දිය නොහැකි තත්ත්වයක් මතුව ඇති බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

මෙරට දරුවෙකුට අසනීපයක් වූ විට ජනතාව විශ්වාසයෙන් යන්නේ ළමා රෝහලටයි. නේවාසික දරුවන්ට ආහාර ලබා දුන් සැපයුම්කරුවන් පෙර පැවති මිල ගණන්වලට තවදුරටත් මේ කාර්යය සිදුකළ නොහැකි බව දැනුම් දීමත් සමග අර්බුදයක් මතු විය. දැන් දරුවන්ටත්, රෝහල් සේවකයන්ටත් මස්, මාළු, බිත්තර ලැබෙන්නෙම නැත. සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති, මහින්ද ගුරුගේ මහතා,
කරවල බිත්තර වෙනුවට වෙනත් ආදේශකයන් තෝරමින් තමා අද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආහාර ලබා දෙන්නේ. ඒ එක්කම තමයි විශේෂයෙන් රෝගි සත්කාර සේවාවලදී රෝගීන් සඳහා ලබා දිය යුතු ගුණාත්මක ආහාර වෙනුවට වෙළෙඳපොළේ ගන්න තියෙන ලාභම දේවල් එකතු කරපු සැකසූ ආහාර තමා දෙන්නේ. ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. එක අතකින් රෝගීන්ගේ ජීවිත සම්බන්ධ ගැටලුකාරි තත්ත්වයක්.
මේ දිනවල රෝහලේ සිටින දරුවන්ට කෑම ගේන්නෙත් ගෙවල් වලිනි. දින තුනකට කලින් අලුත් සැපයුම්කරුවෙකු සොයා ගත් බව රිජ්වේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුසිත සේනාපති මහතා පැවසුවේ ය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,වෛද්‍ය සංතුෂිත සේනාපති,
මේ දවස්වල ආහාර මිල අධිකයි. අපි ඒක තේරුම් අරන් තියෙනවා. විශේෂයෙන්ම මාළු වර්ග රෝහල විදියට අපි ලබා දෙන්නේ තලපත් වගේ සුදු මාළු. ඒවා මිල අධික තත්ත්වයට පත්වෙලා තියෙනවා.සැපයුම්කරුවන්ටත් විශාල ගැටලුවක් වෙලා තියෙනවා කළින් පොරොන්දු වෙච්ච මිල ගණන්වලට ඒවා සපයන්න. ඉස්සර වගේ ලබා දීමේ පහසුව නැහැ. අපහසුවෙන් කරගෙන යනවා. හැබැයි දරුවන්ට ලබා දෙන ආහාර වේල අපි නවත්තලා නෑ.