සපුගස්කන්ද පිරිපහදුව:දින 15කට වරක් නැවක්

සපුගස්කන්ද පිරිපහදුවේ වැඩ දිගටම කරගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නැවක් මෙරටට

by Staff Writer . 03-06-2022 | 9:00 AM

COLOMBO (News 1st) - සෑම දින 15කට වරක්ම බොරතෙල් නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණයි. සපුගස්කන්ද පිරිපහදුව මේ වනවිට පණ ගන්වා ඇති අතර එහි ඉන්ධන නිෂ්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර ඉන්ධන බෙදා හැරිම අඛණ්ඩව සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය. කෙසේ වෙතත් තවදුරටත් ප්‍රදේශ රැසක ඉන්ධන පෝලිම් දැකගත හැකි වේ.