by Staff writer 03-06-2022 | 9:23 PM
COLOMBO (News 1st) - වැවිලි සමාගම් සතු සියලුම ඌණ උපයෝජන ඉඩම් හඳුනාගෙන ආහාර බෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වැවිලි ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ කොළඹ, කොටුව, ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදීය.
වැවිලි සමාගම් සතුව වගා නොකරන ලද ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 9,000කි.
සමාගම් 23ක් සතු එම වතුවල වගාවට සුදුසු බෝග හඳුනාගෙන වැවිලිකරුවන්ට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ ය.
තේ අපනයනයේදී රටට හිමිවිය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වා ගැනීම සඳහාත්, තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බලන ලෙස ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
වැවිලි ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ඉන්ධන ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව සාකච්ඡා කර ඇත.
අමාත්‍යාංශය හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිත කර්මාන්තශාලා හිමිකරුවන්ට නම් කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාව දීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.