දෙවන එලිසබත් රැජිණගෙන් වාර්තාවක්

ලෝක ඉතිහාසයේ දිගු කලක් කිරුළ දැරූ රැජිණ ලෙස දෙවන එලිසබත් රැජිණ ඉතිහාසයට එක්වෙයි

by Staff writer 03-06-2022 | 8:30 PM

COLOMBO (News 1st) - ලෝක ඉතිහාසයේ දිගු කලක් කිරුළ දැරූ රැජිණ ලෙස දෙවන එලිසබත් රැජිණ ඉතිහාසයට එක්වෙයි.

ඇය සිහසුනට පත් වී වසර 70 කි. දෙවන එලිසබෙත් රැජිණ 1952 පෙබරවාරි 6 වන දින පාලනය ආරම්භ කරන විට ඇගේ වයස 25 කි. ඇගේ පියා 6 වන ජෝර්ජ් රජු මිය ගිය 1952 සිට දෙවන එලිසබෙත් රැජිණ එක්සත් රාජධානියේ රාජ්‍ය නායිකාව ලෙස පත්විය. 70 වෙනි සංවත්සරය වෙනුවෙන් ප්ලැටිනම් ජුබිලි සැමරුම් බ්‍රිතාන්‍ය පුරා පැවැත් විය. මෙම දින 4 නිවාඩු සති අන්තයේ විවිධ පොදු සිදුවීම් සහ ප්‍රජා ක්‍රියාකාරකම් ඇතුළත් වේ. මෙම උත්සවය ආරම්භ වුණේ, රැජිණගේ උපන් දින සමරුවත් සමගයි.