by Staff writer 03-06-2022 | 4:52 PM
COLOMBO (News 1st) - නුගේගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (04) රාත්‍රී 10.00 සිට අනින්දා (05) අලුයම 5.00 දක්වා පැය 7 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, පාගොඩ සිට විජේරාම හන්දිය, හයිලෙවල් මාර්ගයේ 7 කණුව හන්දිය ඇතුළු සියලු අතුරු මාර්ග සහ නුගේගොඩ හන්දිය සිට නාවල විශ්වවිද්‍යාලය දක්වා සියලු අතුරු මාර්ගවල ජල සැපයුම එලෙස අත්හිටුවන බවයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.
මේ අතර ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ, පහත සඳහන් ප්‍රදේශවලට හෙට රාත්‍රී 9.00 සිට අනිද්දා උදෑසන 6.00 දක්වා පැය 9 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය ලබාදෙන බවයි.
එම ප්‍රදේශ වන්නේ, කොළඹ 1, 2, 3, 4, 7, 8, 9, 10, 11 සහ කඩුවෙලයි.