by Staff writer 03-06-2022 | 9:25 PM
COLOMBO (News 1st) - ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදීම ඉදිරියේදී ගැටලුවක් නොවන අයුරින් පවත්වාගෙන යාමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග ඊයේ(02) පස්වරුවේ පැවති රැස්වීමකදීය.
ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට ද අගමැතිවරයා මෙහිදී එකඟත්වය පළ කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන් බවය.
මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියොජිතයන් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ය.