by Sagarika Chathumali 03-06-2022 | 4:13 PM
COLOMBO (News 1st) – කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8 ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බවයි.
දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ය.
ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයින් 12 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.
නිලධාරීන් එහිදී ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ, ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාව මෙම කලාප තුළ පවතින බවත් ඉදිරි මාස කිහිපය තුළ නිෂ්පාදන කටයුතු ඇරඹීමට අපේක්ෂා කරන බවත් ය.
සමෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් ඇති බව මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත.
නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇතැයි, බවටයි.