සිසු පාගමනට කලින්ම ඉල්ලූ වාරණය ප්‍රතික්ෂේපයි

සිසු පාගමනට කලින්ම ඉල්ලූ වාරණය ප්‍රතික්ෂේපයි

by Staff Writer . 02-06-2022 | 2:44 PM

COLOMBO (News 1st) –  කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විශ්වවිද්‍යාල සිසුන් අද පැවැත්වීමට නියමිත පාගමන, මාර්ග කිහිපයකට ඇතුල්වීම වළක්වමින් වාරණ නියෝගයක් ඉල්ලා පොලීසිය කළ ඉල්ලීම, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද ප්‍රතික්ෂේප කළේ ය.

කුරුඳුවත්ත පොලිසීය එම ඉල්ලීම සිදු කර තිබුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේයී. මෙම පා ගමනනේදී සාමය කඩවන ආකාරයේ සිදුවීමක් වුවහොත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වැනි වගන්තිය යටතේ පොලීසියට කටයුතු කිරීමේ බලය පවතින බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය. ලිප්ටන් වටරවුම, වෝඩ් පෙදෙස, විහාරමහාදේවි උද්‍යානය අවට ප්‍රදේශ, බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොළ මාවත, ස්ටැන්ලි චන්ද්‍රවංශ පාර, පස්වැනි පටුමග, කේම්බ්‍රිජ් පෙදෙස හා මල්පාරට ඇතුළු වීම වළක්වමින් වාරණයක් නිකුත් කරන්නැයි පොලීසීය අධිකරණයෙන් ඉල්ලා තිබිණ. කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පාගමක නිරත නොවූ අතර නියෝජිතයින් කීපදෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගොස් සාකච්ඡාවක් පවත්වා තිබේ.