by Staff writer 02-06-2022 | 5:21 PM
COLOMBO (News 1st) – කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල සිකුරාදා දිනවල වසා තැබීමට තීරණය කර ඇති නමුත්, කම්කරු දෙපාර්තමේන්තුව හරහා මහජනතාවට ලබාදෙන සේවාවන්ට එමගින් කිසිදු බාධාවක් ඇති නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ කටයුතුවලට බාධාවක් හෝ ප්‍රමාදයක් සිදු වන්නේ නැහැ.
සිකුරාදා දිනයේදී සේවකයින් කාර්යාලයට වාර්තා නොකළත්, නිවසේ සිට වැඩ කළ යුතු බවට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව ද, එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනූෂ නානායක්කාර මහතා පත්වීමෙන් පසුව අමාත්‍යාංශයේ වියදම් අඩු කරන ලෙසට ලබා දුන් උපදෙස් මත මෙය ක්‍රියාත්මකයි.
කාර්යාලයීය විදුලි වියදම් සහ ප්‍රවාහන වියදම් ඇතුළු නඩත්තු වියදම් බොහෝමයක් අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව අවදානය යොමු කරන ලෙසට පසුගියදා අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
ඒ අනුව, කාර්යාල විවෘතව පවතින සතියේ අනෙක් දින හතර තුළදී කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතු උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව පවත්වාගෙන යනු ඇති.