by Staff Writer . 02-06-2022 | 2:52 PM
COLOMBO (News 1st) – අද (02) සිට යළි රාත්‍රී විදුලි කප්පාදුව සිදුවන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පසුගිය කාලයේ රාත්‍රී විදුලි කප්පාදුව අත්හිටුවා තිබුණේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙනි.
ඒ අනූව අද (02) සහ හෙට (03), රාත්‍රියට පැයක් සහ දහවල් කාලයේ පැයක් වශයෙන් විදුලිය කප්පාදුව සිදුකිරීමට අවසර දුන් බව, මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ ය.
4 වැනි සෙනසුරාදා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක් පමණයි.
5 වැනි ඉරිදා විදුලිය කප්පාදුවක් නොමැත.