සිසුවිය අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

සා/පෙළ ලියන්න ගිය සිසුවිය අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

by Staff Writer . 01-06-2022 | 12:56 PM

COLOMBO (News 1st) – සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ අනුරාධපුර, හිදෝගම, කළුවිලසේන විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ රාජකාරි සිදුකළ ගුරුවරයාගේ සේවය අත්හිටුවා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් එල් .එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, එම මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ද රාජකාරිවලින් ඉවත් කර ඇති බවයි. වැඩ ආවරණය සඳහා සහකාර ශාලාධිපතිවරයා පත්කර ඇති බව ඔහු පැවසී ය.