by Staff Writer . 01-06-2022 | 10:20 PM
COLOMBO (News 1st) - යල කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (01) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීය.
ඒ අනුව, ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන එම පොහොර තොගය මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.
වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එම සාකච්ඡාවේදී උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිම වීමට පෙර අවසන් කර, මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබාදිය හැකි බවට අනාවරණය වූ බවය.
විදේශීය අරමුදල් යටතේ අරම්භ කර ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.