දුමින්ද සිල්වා අත්අඩංගුවට

දුමින්ද සිල්වා අත්අඩංගුවට

by Staff Writer . 01-06-2022 | 6:32 PM

COLOMBO (News 1st) -  - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (01) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (01) පෙරවරුවේ ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත්කර තිබිනි. ඒ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙනි. පසුව අද පස්වරුවේ රෝහලට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරුවී මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වා මහතාට දුන් ජනාධිපති සමාව අත්හිටුවා වහා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, ඊයේ (31) දිනයේ දීයි. අධිකරණය මේ නියෝගය කළේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ මව ඇතුලු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමිනි. ජනාධිපති සමාව ලබා දීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතත් මරණ දඩුවම නියමවූ අයෙකු සම්බන්ධයෙන් සමාව ලබාදීමේදී අනුගමනය කල යුතු ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නැතැයි පෙත්සම්කාර පාර්ශ්ව අධිකරණයට පෙන්වා දී ඇති බව වාර්තා වෙයි.