එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළට

by Staff Writer . 01-06-2022 | 4:08 PM
  වෙළඳපොළේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී ඉන්ධන හිඟය නිසා එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන හා තොග වෙළඳුන් වෙත නොලැබීම මීට බලපෑ ප්‍රධාන හේතුවකි. ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග ප්‍රමාණය අඩුවී ඇති අතර සෑම එළවළුවකම පාහේ මිල වැඩි වී තිබේ. ඉන්ධන හිඟයට අමතරව වර්ෂාව ආරම්භ වීම නිසා එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීමේ ප්‍රමාදයක් පවතී. මේ සියලු හේතුවල අවාසිදායක තත්ත්වය කරට ගන්නට සිදුවන්නේ පාරිභෝගිකයින්ටයි. එළවළු තොග අඩුවීම නිසා ඉහළ යන මිල හමුවේ පාරිභෝගිකයින්ට සහන සැලසීමට තියා තම ජීවන වෘත්තිය පවත්වා ගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වෙළෙඳු පවසති.