ඇමති තනතුරු ගත්තොත් පක්ෂ තනතුරුවලින් ඉවතට - SLFP

ඇමති තනතුරු ගන්නා ශ්‍රී ලනිප මන්ත්‍රීවරු පක්ෂයේ තනතුරුවලින් ඉවතට - පක්ෂ සභාපති

by Staff Writer . 01-06-2022 | 4:18 PM

COLOMBO (News 1st) – අමාත්‍ය ධුර ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පක්ෂයේ දරන සියලු තනතුරුවලින් ඉවත් කරන බව, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිය පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී, පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් රජය මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්ෂයක් ලෙස සහය දැක්වීමට තීරණය කළ බවයි. එම තීරණයට පටහැනිව අමාත්‍ය ධුර ලබා ගන්නා මන්ත්‍රිවරුන් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කරන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.