by Staff Writer . 31-05-2022 | 8:41 PM
COLOMBO (News 1st) - මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා ජනාධිපතිවරයා විසින් අද (31) නව යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේය.
ඔහු හෙට (01) මෙරට 24 වන යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාරගැනීමත් සමග ලුතිතන් ජෙනරල් නිලයට උසස් කෙරෙනු ඇති.
විකුම් ලියනගේ මහතා 1986 වසරේ ඔක්තෝබර් 27 වැනි දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය.