by Staff writer 31-05-2022 | 11:45 AM
COLOMBO (News 1st) - පිටකොටුව, බැස්ටියන් මාවතේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන කොළඹ අපරාධට කොට්ඨාශයට (CCD) භාරදී තිබේ.
පොලීසිය පැවසුවේ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.
පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්නැවතුම්පොළ ආසන්නයේ ඊයේ(30) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවේ ය.
වෙඩි වැදීමෙන් මියගියේ අනුරාධපුර, මහඉලුප්පල්ලම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
27 හැවිරිදි ගාල්ල, නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ ය.
ඔවුන් නඩු කටයුත්තකට පෙනී සිට නැවත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.