ගෑස් සිලින්ඩර් 50, 000 ක් අද වෙළෙඳපොළට..

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50, 000 ක් අද වෙළෙඳපොළට..

by Staff writer 31-05-2022 | 7:27 AM

COLOMBO (News 1st) - ගෑස් සිලින්ඩර 50,000 ක් අද (31) වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

නමුත් සෑම වෙළෙඳසැලකම වෙනදා මෙන් ගෑස් ලබා ගත නොහැකි බව සමාගම සඳහන් ක⁣ළේය. ලිට්‍රෝ සමාගමේ සභාපති, විජිත හේරත් මහතා සඳහන් කළේ, තවත් ගෑස් නොකාවක් ඊයේ (30) මෙරටට පැමිණි බවයි. එහි ගෑස් මෙට්‍ර්ටික් ටොන් 3950 ක් එහි අඩංගු බව ද ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ඊයේ දිනයේ සිට එම නෞකාවේ ඇති ගෑස් තොග ගොඩබෑම ආරම්භ කර තිබේ. සති අන්තයේ තවත් ගෑස් මෙට්ට්‍රික් ටොන් 2500 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිතය. මේ අතර ඉන්ධන හිඟය නිසා මේ වන විට ක්ෂේත්‍ර ගණනාවක් දැඩි අර්බුදයට ලක්ව තිබේ.

ගෑස් මිලදී ගත හැකි ස්ථාන මෙන්න...