සපුගස්කන්ද පිරිපහදුවේ තාක්ෂණික දෝෂයක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්ෂණික දෝෂයක් - ඇමති කංචන

by Staff Writer . 30-05-2022 | 7:48 PM
COLOMBO (News 1st): සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්ෂණික දෝෂයක් වාර්තා වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය මාස 03 ක කාලයක් තුළ ක්‍රියාත්මක නොවූ පිරිපහදුව නැවත ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බවය.