රැට්ටා ඇපමත මුදා හැරේ..

රැට්ටා ඇපමත මුදා හැරේ..

by Staff writer 30-05-2022 | 10:05 PM

COLOMBO (News 1st) - පොලිස් අත්අඩංගුවට පත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඔහු අද(30) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. රතිඳු සේනාරත්න ‍නොහොත් රැට්ටා අද පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසිය සඳහන් කළේ, පසුගිය 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවැති විරෝධතාවයකදී බන්ධනාගාර බස්රථයකට පහර දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම යන චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවය. රතිඳු සේනාරත්න මහතා අද පස්වරුවේ අරගලයේ ක්‍රියාකාරීන් සමග කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට පැමිණි අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. අද පස්වරුවේ රැට්ටා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය. එහිදී රැට්ටා රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.