දේශබන්දු තෙන්නකෝන් දවස් 14කට නිවාඩු යයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දවස් 14කට නිවාඩු යයි

by Staff Writer . 30-05-2022 | 7:37 PM
COLOMBO (News 1st): බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 14 ක් නිවාඩු ලබා තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, එම කාලසීමාව තුළ බස්නාහිර පළාත භාරව වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ. පලිහක්කාර මහතා පත්කර ඇති බවය. පලිහක්කාර මහතා මේ වනවිට ප්‍රජා පොලිස් හා පරිසර කොට්ඨාසය භාරව කටයුතු කරනු ලැබේ.