අටළුගම දැරියගේ මරණය: 29 හැවිරිදි සැකකරුවෙක් අල්ලයි

අටළුගම දැරියගේ මරණය : 29 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

by Staff Writer . 30-05-2022 | 2:04 PM

COLOMBO (News 1st): අටළුගම දැරියගේ මරණය සම්බන්යෙන් 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මේ අතර දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී අද පැවැත්විය. ඒ අධිකරණ වෛද්‍ය නිලධාරින් 03 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව නිකුත් කිරිමට නියමිත ය. පසුගිය සිකුරාදා උදෑසන සිට අතුරුදන්ව සිටි බණ්ඩාරගම , අටළුගම 9 හැවිරිදි  දැරියගේ සිරුර සොයා ගනු ලැබුවේ පෙරේදා පස්වරුවේ ඇයගේ නිවස ආසන්න වගුරු බිමක දමාගොස් තිබියදීයි. කුකුළු මස් මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නිවස බලා යමින් සිටියදී දැරිය අතුරුදන්ව තිබිණ. කළුතර නියෝජ්‍ය පොලිස්පති සනත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කළුතර අපරාධ කොට්ඨාසය , පානදුර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මක අතර  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.