අටළුගම දැරියගේ මරණය: 50කගෙන් ප්‍රකාශ ගනී

අටළුගම දැරියගේ මරණය : සැකකරුවන් තවමත් නිදැල්ලේ

by Staff Writer . 30-05-2022 | 10:50 AM

COLOMBO (News 1st):  අටළුගම දැරියගේ මරණය සම්බන්යෙන් මේ වන විට පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි, පොලිසිය පවසයි.

කෙසේ වෙතත් දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මේ අතර එම දැරියගේ මරණය සම්බන්යෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. පොලිසිය පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා ප්‍රදේශයට යොමුකර ඇති බවයි. ඇයගේ මරණය සම්බන්යෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. දැරියගේ මෘත දේහය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිතයි. පසුගිය සිකුරාදා උදෑසන සිට අතුරුදන්ව සිටි බණ්ඩාරගම , අටුලුගම 9 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගනු ලැබුවේ පෙරේදා පස්වරුවේ ඇයගේ නිවස ආසන්න වගුරු බිමක දමාගොස් තිබියදීයි. නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නිවස බලා යමින් සිටියදී දැරිය අතුරුදන්ව තිබිණ.