by Staff writer 30-05-2022 | 5:03 PM
COLOMBO (News 1st) - බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ 09 හැවිරිදි දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(30) පානදුර රෝහලේදී පැවැත්විණ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ 09 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්ව නොමැති බවය.
දැරියගේ මරණය සම්බන්යෙන් 29 හැවිරිදි සැකකරුවෙකු අද දහවල් අත්අඩංගුවට ගැනිණි.
ඒ, අධිකරණ වෛද්‍ය නිලධාරින් 03 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරිණි.
පසුගිය සිකුරාදා උදෑසන සිට අතුරුදන්ව සිටි මෙම හැවිරිදි දැරියගේ සිරුර සොයා ගනු ලැබුවේ පෙරේදා පස්වරුවේ ඇයගේ නිවස ආසන්න වගුරු බිමක තිබියදීය.
කුකුළු මස් මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නිවස බලා යමින් සිටියදී දැරිය අතුරුදන්ව තිබුණි.