by Staff Writer . 29-05-2022 | 9:11 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සහය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO) අවධානය යොමු වී ඇතැයි එහි ප්‍රධානි ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනම් මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් සහය ලබා දීමට සිය සංවිධානයේ අවධානයේ යොමු වී ඇති බවය.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධනයේ මූලස්ථානයේ මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ජා කළ බව ඔහු නිකුත් කළ ටිවිටර් පණිවිඩයේ සඳහන් වේ.
මේ අතර ඉන්දියාව, ප්‍රංශය ඇතුළු විවිධ රටවලින් ලැබී ඇති ආධාර හේතුවෙන් දැනට පවතින ඖෂධ හිඟය 30%කින් පමණ ආවරණය කර ගැනීමට හැකිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය.