ගෑස් රැගත් නැවක් හෙට මෙරටට - ලිට්‍රෝ සමාගම

ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් හෙට මෙරටට - ලිට්‍රෝ සමාගම

by Staff Writer . 29-05-2022 | 3:21 PM

COLOMBO (News 1st): ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් හෙට(30) පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් හෙට දිනයේදීම අදාල නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ හැකි බවය. අනතුරුව තත්ත්ව පරීක්ෂාවන් සිදුකළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය පැය 10කි. බදාදා දිනය වන විට වෙළෙදපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාසය පල කළේ ය.