COLOMBO (News 1st): බණ්ඩාරගම අටළුගම ෆාතිමා අයීෂා දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටුයුතු හෙට සිදු කිරීමට නියමිතව තිබේ.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 4ක් ඔස්සේ තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බවයි.
පසුගිය 27 වැනිදා පෙරවරුවේ අටළුගම දී අතුරුදන් වූ කුඩා දැරියගේ සිරුර ඊයේ සොයා ගැණුනේ, අටළුගම මහපල්ලිය ආසන්නයේ වගුරු බිමක තිබියදීයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
අදාළ ඝාතනය සම්බන්ධ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, දැරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් යැයි සැකය මත විමර්ශන කණ්ඩායම් අනියුක්ත කර ඇති බවයි.
''පශ්චාත් මරණ කටයුතු පැවැත්වීමට සිදු කිරීමට නියමිතයි. ඒ වගේම ඒ පිළිබඳ ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා තිබෙනවා. පොලිස්පතිතුමා විසින් මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ අංශයට භාර දීලා තිබෙනවා. මෙතෙක් මේ සම්බන්ධයෙන් සැකකරුවෙක් හෝ පැහැදිලි තොරතුරක් අනාවරණය වෙන්නේ නැහැ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා''
මේ අතර, ෆාතිමා අයීෂා දැරියගේ සාහසික අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට ජනාධිපතිතුමා සහතික වී තිබේ.
ටිවිටර් පණිඩුවයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිය සංවේගය පළ කළේ ය.
මේ අතර, ළමා රක්ෂණ සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, දැරියගේ ඝාතනය සම්බනධයෙන් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයේ ඇති අකර්මන්‍යතාවය සම්බන්ධයෙන් ඔවුන් කම්පාවට පත්වන බවයි.
වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක වන ලෙස ළමා රක්ෂණ සන්ධානය ජාතික ළමා රක්ෂණ අධිකාරියෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර දැරියගේ මරණය සම්බන්යෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායමක් යොමු කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය ද පැවසී ය.
එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, පොලිස් විමර්ශනවලට සහය විම සඳහා එම කණ්ඩායම ක්‍රියාත්මක බවයි.