by Staff Writer . 29-05-2022 | 3:00 PM
COLOMBO (News 1st) – බණ්ඩාරගම, අටලුගම 09 හැවිරිදි ෆාතිමා අයේෂා දැරියගේ සාහසික අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට ජනාධිපතිතුමා සහතික වී තිබේ.
ට්විටර් පණිඩුවයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිය සංවේගය පළ කළේ ය.
මේ අතර ඝාතනයට ලක් වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (30) පැවැත්වීමට නියමිතය.
ඒ, පානදුර රෝහලේදීය.
මේ අතර අදාළ ඝාතනය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.
දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මේ අතර දැරියගේ මරණය සම්බන්යෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායමක් යොමු කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය ද සඳහන් කළේ ය.
එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, පොලිස් විමර්ශනවලට සහය වීම සඳහා එම කණ්ඩායම ක්‍රියාත්මක බවය.
https://twitter.com/GotabayaR/status/1530568079637291008?s=20&t=MLc0T-aQOCv96SB2CGAfkA