අටලුගම අතුරුදන් වූ දැරියගේ මළ සිරුර වගුරු බිමකින්

අටලුගම අතුරුදන් වූ දැරියගේ මළ සිරුර වගුරු බිමකින්

by Staff writer 28-05-2022 | 4:53 PM

COLOMBO (News 1st) – බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ අතුරුදන් වූ 09 හැවිරිදි දැරියගේ මළ සිරුර සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇගේ නිවස ආසන්න වගුරු බිමක තිබී මළ සිරුර සොයාගත් බවය. ඇය අටුලුගම ප්‍රදේශයේ පාසලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි. ඊයේ (27) පෙරවරු 10.00ට පමණ ගෙදරට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීම අසල පිහිටි වෙළෙඳසැලකට ගිය බවත් පසුව ඇය යළි නිවසට නොපැමිණි බවත් පවුලේ ඥාතීන් සඳහන් කළේය. ඇගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සැකකරුවන් සොයා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.