කොළඹ විරෝධතාවට  ජල හා කඳුළු ගෑස්ප ප්‍රහාර

ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන අසල විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 28-05-2022 | 7:26 PM

COLOMBO (News 1st) - කොළඹ කොටුව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන අසල විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ විය. ඒ, ගාලු මුවදොර ජනතා විරෝධයට අදට දින 50ක් සපිරීම නිමිත්තෙනි. ගාලු මුවදොර නිර්පාක්ෂික ජනතා විරෝධය ආරම්භ කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 09 වැනි දාය.