COLOMBO (News 1st) - ඩිසල් හා පෙට්‍රල් පිරවුම්හල් වෙත නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ අතර තවත් ඉන්ධන රැගත් නෞකා දෙකක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතය.
ඉන්ධන පෝලිම් අතරේ අද වැඩිපුරම දක්නට ලැබුණේ, වැඩි මිලට ඉන්ධන නිකුත් කළ පිරිස් සොයා සිදුකළ වැටලීම්ය.
රඹුක්කන, කුඩාගම ප්‍රදේශයේ ද වැඩි මිලට අලෙවි කිරීමට තිබූ ඩීසල් ලීටර 116ක් පෙට්‍රල් ලීටර් 71ක් සමග පුද්ගලයකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
ගාල්ල, ඉඳුරුව මිරිස්වත්ත ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳසැලක තිබී පෙට්‍රල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනි තිබූ අතර පෙට්‍රල් ලීටර් 45ක් පමණ එහිදී සොයාගෙන තිබේ.
වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයේ වෙළෙඳසැලක වැඩි මිලට අලෙවි කිරීමට තිබූ පෙට්‍රල් ලීටර් 35ක් සහ භූමිතෙල් ලීටර් 150ක් සමග පුද්ගලයෙකු පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරුක් මත අත්අඩංගුවට ගෙන තිබුණි.
විදුබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා,
පොලීසිය විසින්ම අද මේ පිරවුම්හල්වල ලංකාව පුරා ඉන්ධන පිරවුම්හහලකට පැමිණෙන වාහනයේ අංකය විතරයි යොදන්නේ ඒ ඇප් එකේ. ඒ යෙදුවම සාමාන්‍යයෙන් ඒක ඒ අවස්ථාවේම අනෙකුත් පිරවුම්හල්වල ඒ ඇප් එක පාවිච්චි කරන නිලධාරීන්ට ඒක යාවත්කාලීන වෙන්වා. ඒ යාවත්කාලීන වීම තුළින් අවස්ථා දෙකකදී තුනකදී එකම දවසේ විවිධ පිරවුම්හහල්වලින් ඉන්ධන තොග එකතු කරන පිරිස් පිළිබඳව අනාවරණය වෙලා තිබෙනවා. එවැනි පිරිස් 1200 කට වැඩි පිරිසක් ඊයේ දවසේ පමණක් පොලීසියට නවත්වා ගැනීමට හැකි වෙලා තියෙනවා කියන එක ඔවුන් අපිට වාර්තා කරලා තිබෙනවා
අඛණ්ඩව තෙල් සැපයුම් ලැබුණත් ජනතාව තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබේ.
බොහෝ ස්ථානවල දක්නට ලැබුණේ ඉන්ධන තොගවල අඩුවකි.
කුරුණෑගල නගරයේ ඉන්ධන පිරවුම් හල් අසලත් ජනතාව රැඳී සිටියහ.
මීට අමතරව රඹුක්කන හා ගාල්ල නගරවලත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණි.