අජිත් රෝහණ ඇතුළු පොලිස් ලොක්කන් තිදෙනෙකුට මාරුවීම්

අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට මාරුවීම්

by Staff Writer . 28-05-2022 | 7:55 AM

COLOMBO (News 1st) -ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලීසිය සඳහන් කළේ, අපරාධ හා රථ වාහන දිසාව භාරව සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බවය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එම්.ඩී.ආර්.එස්. දමින්ද මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ. නැගෙනහිර පළාත භාරව සිටි වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එල්.කේ.ඩබ්ලිව්. කේ. සිල්වා මහතාට අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරුවීම් කර ඇති බවය.